පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ දී පසුගියදා (18) පොල්ලකින් සහ තියුණු ආයුධයකින් පුද්ගලයෙකුට පහර දී ඇති අතර, ඉන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඊයේ (19) මියගොස් ඇති බව පෑලියගොඩ පොලිසිය පවසනවා.

මරණකරු වයස අවුරුදු 39ක් වූ නාරම්මණිය පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකර ඇති බවත්, මරණකරුට පුද්ගලයන් පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඇති බවත්, විමර්ශනයේදී අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

අපරාධය සඳහා භාවිතා කළ පිහියක්ද සමඟ සිද්ධියට සම්බන්ධ 24 හැවිරිදි කොට්ටුකච්චය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *