‘පුරවැසියාට ආයු බොහෝ වෙන්න සුබ සාධන රාජ්‍ය රැකගත යුතුයි

පාලකයාට නොව ජන පරපුර වෙනුවෙන් ආයු බොහෝ වේවා යන දැවැන්ත ප්‍රාර්ථනාව මහපොළවේ යථාර්ථයක් විය යුතු බවත් ඒ වෙනුවෙන් අප රටේ ඇති සුබසාධන රාජ්‍ය රැකගත යුතු බවත් එය රැකෙන්නේ රාජ්‍ය අරමුදලින් බවත් ඒ සඳහා ආර්ථිකය වර්ධනය විය යුතු බවත් රටේ ආර්ථිකය සැමට සෙත සැලසෙන ආකාරයට වර්ධනය කරන සැමටම බෙදාගත යුතු බව විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ හුස්ම වැඩසටහනේ 59 වැනි අදියර යටතේ රාගම මහා රෝහලට රුපියල් 2,843,800 වටිනා Portable Sucker 10ක් හා Infusion Pump 10ක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

2016 ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාවලට අනුව රටේ ආදායමෙන් 52%ක් බුක්ති විඳින්නේ පෙහොසත්ම 20% බවත් දුප්පත්ම 20% භුක්ති විඳින්නේ 4-5% පමණක් බවත් මෙය සාධාරණ වර්ධනයක් නොවන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සුබසාධන රාජ්‍ය රකින ගමන් අලුත් ක්‍රමවේද අනුගමනය කල යුතු බවත් පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ කැපකිරීම් පවා අවශ්‍ය බවත් මේ සුබසාධන රාජ්‍ය රැකිය යුත්තේ යාවත්කාලීන හා නවීකරණය වෙමින් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *