පූජ්‍ය අතුරලියේ රතන හිමි මාධ්‍ය හමුව..

ඉදිරි දේශපාලනයේ රතන හිමි කොතැනද කියා.. මාධ්‍ය හමුවේ පවසයි..

පක්ෂ මුල් කරගත් දේශපාලනයට නැවත එන්නේ නෑ..

රට ගොඩනඟන ඕනෑම අවස්ථාවකදී සහාය දෙනවා..

රට හදන පුළුල් බලවේගයක් හදනවා..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලිය රතන හිමි මාධ්‍ය හමුවේ පවසනවා…
…………………………………….

සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය මතවාදයක් නැති දියාරු භූමිකාවක් බවට පත් වී ඇති බවත්..

මහ මැතිවරණයේදී වර්තමාන රජයට බහුතරය හිමි විය යුතු බවත් ..නමුත් වැඩි බලයක් ලබාදිය යුතු නැති බවත් මෙහිදී පැවසුවා..

පොල් මිල ඉහළ යෑමට බලපා ඇති කරුණු මෙන්ම අරුගම්බේ සිදුවීම පිළිබඳවත් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළා…
……………………………

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රතන හිමි..

සමහර අය කිව්වා මම රට ගිහින් කියලා .මම රට ගියේ ඉන්දියාවේ ආගමික වැඩසටහනකට..

මම චන්ද ව්‍යාපාරයට මෙවර ඉදිරිපත් වෙන්නේ නැහැයි කියලා මං කලින් කිව්වා..

අනුර කුමාර ජාතික බලවේගයක නායකත්වයට පැමිණෙනවා නම් ඒ වෙනුවෙන් එකතු වෙන්න මම කැමතියි කියලා කලින් කිව්වා..
නමුත් ඒ අදහස් යළි ක්‍රියාත්මක වුණේ නෑ..

පුළුල් බලවේගයක් හදන්න ගිය ගමන හරි ගියේ නැහැ..

සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වයේ භූමිකාව මතවාදයක් නැතිව දියාරු භූමිකාවක් පත්වෙලා තියෙනවා..
ඒ හිඩැස අපිට පුරවන්න බැරිවීම කණගාටුවක්..

මගේ නායකත්වයෙන් ව්‍යාපාරයක් හදන්න උත්සාහ කරා ඒක බැරි වුණා..

මේ මැතිවරණයේදීත් මම නිහඬවම සිටිනවා..

පොල් මිල ඉහළ යන හේතුව වෙනස්..
පොල් ගෙඩියටයි,පොල් වතුර ටිකටයි ,පොල් කට්ටටයි,කොල්ලෙළිවලටයි ලොකු ඉල්ලුමක් තියෙනවා..ආයතන ගණනාවක් මේවා සපයනවා..

jvp එකේ මේ ගැන දැනුම තියෙන කට්ටිය ඉන්නවා නමුත් මේවට උත්තර නෑ..

අරුගම්බේ ප්‍රදේශයේ පවතින ආරක්ෂක තත්ත්වය ගැන එම තොරතුරු ලබා දෙන්න ඕන රාජ්‍ය බුද්ධි අංශයටයි..

විසිරිච්ච බලවේග ගොඩක් ඉන්නවා ජනතාව රැලිවලට අහුවෙන්නේ නැතුව ඡන්දෙ දෙන්න වෙනවා..

ආණ්ඩුව සරල බහුතරය ලබාගන්න ඕනේ නැතිනම් රජයට අවුලක් ..හැබැයි වැඩි බලයක් දෙන එකත් ජේවීපයකට අවුලක්.විපක්ෂය දුර්වල වුණොත් ඒකත් අවුලක්..

නැවත වතාවක් පක්ෂයකට පාර්ලිමේන්තුවට පටු නොවූ ජාතික බලවේගයක් හදන්න උත්සාහ කරනවා.

රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගන්නා ඕනෑම දේකට සහාය ලබා දෙනවා..

පක්ෂ මුල් කරගෙන දේශපාලනයට මම එන්නෙ නෑ.

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *