පෙම්වතිය සොයා ගිය පෙම්වතා දින 05ක් තිස්සේ අතුරුදන්

පසුගිය 22 වැනිදා සිට තම සහෝදරයා අතුරුදන් වී ඇති බව අතුරුදන් වූ පුද්ගලයාගේ සහෝදරයා පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36ක තරුණයෙක්.

පසුගිය 22 වැනිදා නිවසින් මිතුරෙකු සමග වස්සාඋල්ල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකුගේ ආරාධනාවකට නිවසකට යන බව පවසමින් සිය සොයුරා පිටත්ව ගිය බවයි අතුරුදන් වූ තරුණයාගේ සහෝදරයා පවසන්නේ.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමක දී කුලියාපිටිය පොලිසිය සඳහන් කර සිටියේ මෙම තරුණයා පෙම්වතියගේ නිවසට ගිය අතරතුර දී මෙසේ අතුරුදන් වී ඇති බවයි.

මේ සම්බන්ධව පැමිණිලි කළ අතුරුදන් වූ තරුණයාගේ සහෝදරයා පවසා සිටියේ තම අතුරුදන් සොහොයුරා ගිය නිවසේ සිඟිති නමින් හඳුන්වන නිවැසියා ඇතුලු පිරිසද අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන් තරුණයා සමගින් 22 වැනිදා ගිය අනෙක් තරුණයා පවසා සිටියේ තමන් නිවස අසල රැඳී සිටියදී මිතුරා අදාළ සඟිති යන අයගේ නිවසට ගිය බවයි.

සැළකිය යුතු වේලාවක් ගතවුවත් මිතුරා නොපැමිණි නිසා තමන් දිගින් දිගට ඔහුගේ දුරකථනයට උත්සහකළත් එය ක්‍රියා විරහිතව තිබූ බවයි ඔහු පවසා සිටියේ.

එමෙන්ම අදාළ නිවෙස සහිත වස්සාවුල්ල ප්‍රදේශයේ ගම්මුන් පවසන බවත් පරිදි ඒ අසල නිවසක සිට වාහන දෙකක් ඉතා වේගයෙන් ගිය බවත් ඒ බැව් ආරක්ෂිත කැමරා දර්ශන තහවුරු කළ බවත් මිතුරා පවසනවා.

එමෙන් ම දුරකථන ඇමතුමක් මඟින් සිඟිති නැමැත්තා පවසා තිබුණේ අතුරුදන් තරුණයා මරා දමූ බවයි. එමෙන්ම පොලිසියට ගොටු අල්ලන පිරිසක් තවමත් ඉන්නා බවත් ඔවුන්ද මරා දමන බවටත් සිඟිති නැමැත්තා එම දුරකථන ඇමතුම ඔස්සේ පවසා තිබෙනවා.

එමෙන් ම පියෙක් ලෙස තම දුවට සාධාරණය ඉටු කළ බවයි සිඟිති නැමැත්තා පවසා සිටියේ.

සිදුවීම පිළිබඳව කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *