පෙර පාසල් ගුරුවරියන්ටත් අවුරුදු උත්සවයක්.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ අනුග්‍රහය මත උතුරු මැද පළාත් මුල් ළමාවිය අධයාපන සංවර්ධන අධිකාරිය මගින් පළමුවරට පෙරපාසල් ගුරුවරයන් සඳහා සංවිධානය කළ
“කැකුළු ගුරු වසන්ත උදානය“ අනුරාධපුර කලාවැව මහවැලි සංචාරක නිකේතනයේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්ගේ සහ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති එස්.එම්. චන්ද්‍රසේනගේ ප්‍රධානත්වයෙන් පසුගිය (30) දින අතිඋත්කර්ෂවත් අයුරින් අවුරුදු උත්සවයක් පැවැත්වුණා.

එහිදී ජන ක්‍රීඩා හා අලුත් අවුරුදු ක්‍රීඩා රැසකින් සමන්විත වී ඇති අතර පෙර පාසල් ගුරුවරියන් 500 පමණ සහභාගී වී තිබෙනවා.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රවුමාන්, ගමගේ වීරසේන හිටපු ප්‍රධාන අමාත්‍යය එස්.එම්. රංජිත් සමරකෝන්, ප්‍රධාන අමාත්‍යංශය ලේකම් අභය ලක්ෂ්මි හේවාපතිරණ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.එම්.ඩබ්. සමරකෝන් මුල්‍ ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමනාකරන අධ්‍යක්ෂ නිලන්ත ඒකනායක ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක් වී සිට ඇති බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *