පෙලපොත් බෙදිම අද සිට

ලබන වර්ෂයට අදාළ පාසල් පෙළපොත් අද (23) දිනයේ ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, ලබන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් සියල්ල චීන රජය විසින් සැපයීමට එකඟතාව පළකර ඇති බවය.

මේ අතර ගුරු වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ගුරු වෘත්තීය ගැටලු සමාලෝචනය කර ඒවා නිරාකරණය කිරීමට ද රජය මේ වන විට පියවර ගෙන ඇති බවය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *