පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට මහලේකම් සාගර කාරියවසම් විසින් අද (07) පෙරවරුවේදි දැනුම් දුන්නා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

නාමල් රාජපක්ෂ හිටපු ජනාධිපති, හිටපු අගමැති, මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත්‍රායය.

ඔහු 2010 පාර්ලිමේන්තු මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කර මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේදී 2020 සිට 2022 දක්වා යෞවන හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ කටයුතු කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *