පොල්ලෙන් ගසා නැන්දා මැරූ පුතා ගමෙන් පැනලා

පොසොන් පෝය දා සිල් පවාරණය කොට නිවසට පැමිණි කාන්තාවකට පොල්ලකින් පහරදී ඝාතනය කළ සිදුවීමක් වාර්තා වනවා.

ගෝනපීනුවල,සාමගම අලුත්ගම ප්‍රදේශයෙන් සිද්ධිය වාර්තා වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මිය ගිය කාන්තාව 76 හැවිරිදි තැනැත්තියක් බවද පොලිසිය පවසනවා.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත ගෝනපීනුවල පොලිසිය විමර්ශනයක් අරඹා තිබුණා.

එහිදී සැකකටයුතු නිවසක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඝාතනයට යොදාගන්නට ඇතැයි සැකකරන පොල්ලක්ද සොයා ගත්තා.

මෙම ඝාතනය (21) පොසොන් පෝය දින සවස් කාලයේත් (23) වැනිදා පෙරවරුවත් අතර කාලයේ සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

මරණකාරිය ඇගේ සහෝදරයාගේ පුත්‍රයා සමග එම නිවසේ වසර කිහිපයක් පදිංචිව සිටි බව තහවුරු වී තිබෙනවා.

මරණකාරියගේ සහෝදරයාගේ පුතා ඝාතනය සම්බන්ධයෙන් සැකකරන අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *