පොලිස්පති අවුල ගැන ජනපති කියයි

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය තමන් විසින් ඇති කරන ලද්දක් නොවන බවත්, එය කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා ‍මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ප්‍රදේශයේ පැවැති ජන රැළියකට එක්වෙමින්.

මෙම ගැටලුව සාකච්ඡා කර විසඳාගන්නැයි කථානායකවරයාට හා අගවිනිසුරුවරයාට වෙන වෙනම දුරකථනයෙන් අමතමින් ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් මෙම ගැටලුව විසඳා ගැනීමට නොහැකි වුවහොත් එමගින් මැතිවරණය පැවැත්වීමට ද බලපෑමක් එල්ල වනු ඇති බව ජනාධිපතිවරයා මෙම රැළියේදී සඳහන් කළා.

“ජයගමු ශ්‍රී ලංකා” ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් හෝමාගම බස් නැවතුම්පොළ අසලදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *