පොලිස්පති කුසලාන තයිකොණ්ඩු තරගාවලිය

ලංකාවේ සියලු පළාත් නියෝජනය කරමින් පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය අතර තයිකොණ්ඩු තරගාවලියක් පැවැත්වුණා

එහි සම්මාන ප්‍රධාන උත්සවය ශ්‍රී ලංකා කොරියානු තානාධිපති තුමිය හා වැඩ බළන පොලිස් පති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා

ජේෂ්ඨ සහ කනිෂ්ඨ වශයෙන් මෙම තරගාවලිය පවත්වා තිබූ අතර කනිෂ්ඨාංශයේ තරගාවලිය ජයග්‍රහණය කළේ ලකුණු 29 ක් ලබාගත් දකුණු පළාත් කණ්ඩායමයි

ජ්‍යෙෂ්ඨ සමස්ත සූරතාවය ලබා ගත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමයි

ආධුනික තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා අම්පාර පොලිස් කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් තර්මිලන් දිනා ගත්තා

ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ විශේෂ කාර්ය බලකායේ කටුකුරුන්ද පුහුණු පාසලට අනුයුක්ත පොලිස් කොස්තාපල් RMGKG පුෂ්ප කුමාර ක්‍රීඩකයා විසින්

මෙහිදී ප්‍රදර්ශන තරගයක්ද පැවැතිි අතර තයිකොණ්ඩු ක්‍රීඩාව ශ්‍රී ලංකාව පොලිසිය තුළ ප්‍රතික්‍රචලිත කිරීම වෙනුවෙන් කොරියානු තානාපතිනිය විසින් වැඩ බලන පොලිස්පතිවරයා හට සාම්ප්‍රදායිකව ඔවුන් ලබා දෙන උපහාර පුද කලා

මේ සඳහා ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු සෙසු නිලයින් සහභාගි වී සිටියා

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *