පොලිස් වෙසින් ආ සහෝදර මංකොල්ලකරුවෝ

පොලිස් නිලධාරීන් බව පවසා තරුණයෙකුගෙන් රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා ජංගම දුරකථනයක් සහ මුදල් මංකොල්ලකෑ සැකකරුවෙක් මත්ද්‍රව්‍ය ද සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ තමන් පොලිස් නිලධාරියෙකු බව අඟවමින් අදාළ තරුණයා පරීක්ෂා කරන මුවාවෙන් සැකකරු ජංගම දුරකථනය සහ මුදල් කොල්ලකා ඇති බවයි.

මරදාන කැටවලමුල්ල මංසන්ධිය ප්‍රදේශයේදී ඊයේ (15) අලු‍යම 2.30ට පමණ මෙම මංකොල්ලය සිදුව තිබුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් එම මාර්ගයේ ගමන්කරමින් සිටි තරුණයෙක් අසළ යතුරුපැදිය නවතා තමන් පොලිස් නිලධාරීන් බව පවසා ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

පසුව එම තරුණයාව පරීක්ෂා කර ඇති ඔවුන්, ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් ජංගම දුරකථනය සහ රුපියල් 15,000ක් සහිත මුදල් පසුම්බිය ද රැගෙන යතුරුපැදියෙන්ම පළාගොස් තිබුණා.

එහිදි ඔවුන් තරුණයාට පවසා ඇත්තේ ජංගම දුරකථනය සහ මුදල් යළි අවශ්‍ය නම් රුපියල් 35,000 ක මුදලක් ද රැගෙන මරදාන පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙසටයි.

ඒ අනුව මරදාන පොලිස් ස්ථානයට ගිය තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබුණා.

කැටවලමුල්ල ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධක යොදා ගනිමින් පරීක්ෂණ ආරම්භ කළ මරදාන පොලිස් නිලධාරීන් කළු පැහැති යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු පරීක්ෂාවට ලක් කර තිබුණේ එවැනි පසුබිමකයි.

එහිදි ඔහු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 13 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදි අනාවරණ වී ඇත්තේ පොලිස් නිලධාරීන් යැයි පවසා ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය සොරා ගෙන ඇත්තේ ඔහු බවටයි.

ඔහුත් සමඟ යතුරුපැදියෙන් පැමිණි අනෙක් තරුණයා ඔහුගේ සහෝදරයා බවටත් පොලිසිය අනාවරණ කරගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *