පොලිසියට ඉම්‍රාන්ගේ ලැබුන ඇමතුම

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් පොලිස් නිලධාරියෙකු සමඟ දුරකථනය ඔස්සේ සිදුකළ සංවාදයක හඬපටයක් අප වෙත ලැබී තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියාට කංජිපානි ඉම්රාන් පවසන්නේ තම පියා සහ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින ලෙසයි.

තම පියා හෝ සහෝදරයා මත්ද්‍රව්‍ය සම්බන්ධව කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි ඔහු පවසන්නේ.

කංජිපානි ඉම්රාන් වැඩිදුරටත් පවසා සිටියේ මෙවැනි අදහසක්.

අපේ අයියලා, තාත්තලා කුඩු විකුණන්නේ නැහැනේ සර්, මගේ නඩුවලටත් සම්බන්ධ නෑ. එයාලා අත්අඩංගුවට ගන්න එක හරි නෑනි සර්. මම අයියව එහෙනම් එවන්නද? අයියා එතැන නැහැ,පොඩ්ඩක් එළියේ ඉන්නේ,මම එහෙනම් සර් ඔයාගේ වචනේ විශ්වාස කරලා එවන්නේ.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *