පොහොට්ටුවේ සහය රනිල්ට?

ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කර ඇතැයි කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂට ඊයේ (25) දැනුම්දී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙන බව පැවැසේ.

මේ මොහොතේ පක්ෂයේ බහුතරයක් දෙනා ජනාධිපතිවරයාට සහායපළ කිරිමට තීරණය කර ඇති බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් එය පක්ෂයේ ඡන්ද පදනමට හානි විය හැකි බවද ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වාදී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

එබැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ තමන් පක්ෂය සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් දෙන බවයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *