පොහොර ගැටලුවකට කෘ.ප.නි.ස නිලධාරිණියන් දෙදෙනෙකුට පහර දීලා

කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිණියන් දෙදෙනෙකුට පලුගස්වැව නගරයේදි අද (14) පහරදීමක් සිදුකර තිබෙනවා.

පහර කෑමෙන් තුවාල ලැබූ එම නිලධාරිණියන් දෙදෙනා හබරණ පොලීසියට පැමිණිල්ලක් සිදුකළ බව පොලිසිය පවසනවා.

පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (14) කෘෂිකර්ම කමිටු රැස්විමක් පවත්වා තිබෙනවා.

ඊට සහභාගි වී ආපසු යතුරැ පැදියෙන් සිය නිවෙස්වලට පැමිණෙමින් සිටියදි පුද්ගලයෙකු මගරැක සිට මෙම නිලධාරිණියන් දෙදෙනාට පහරදි තිබෙන බවයි පැවසෙන්නේ.

එහිදී තුවාල ලැබු කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිණිය ප්‍රතිකාර සදහා හබරණ රෝහලට ඇතුලත්ව තිබෙනවා.

තුවාල ලැබූ අනෙක් නිලධාරිණිය පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි එම පැමිණිල්ලේ සඳහන් වන්නේ.

පොලිසිය පවසන්නේ පොහොර සහනාධාරය වෙනුවෙන් ලැබිය යුතු මුදල් නොලැබිම සම්බන්ධයෙන් වූ බහින්බස්විමක් පහරදිමට හේතුව බවයි.

සැකකාර පුද්ගලයා මේවන විට හදුනා ගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනිමට විමර්ශණ ආරම්භ කොට ඇති බවයි හබරණ පොලිසිය පවසන්නේ.

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *