පොළොන්නරුව බලකොටුවේ සමගි ජන පවුරට දැවැන්ත ජන ගඟක්

විජයග්‍රාහී ජන පවුර මැයෙන් සමගි ජන බලවේගය දිවයින පුරා ක්‍රියාත්මක කරන ජන පවුර වැඩසටහනේ තවත් අදියරක් මහියංගනය මහජන ක්‍රීඩාංගනයේදී අද (12) පැවැත්වුණා.

ජනසවියට වඩා ශක්තිමත්, දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් තම රජයක් යටතේ ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම රැළියේදී සඳහන් කළා.

තම රජයක් යටතේ සුහුරු ගොවියා බිහි කිරීමට කටයුතු කරන බවත්, දැවැන්ත වාරි පුණුරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එහිදී විපක්ෂ නායකවරයා ජනතාවට පොරොන්දු වුණා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙහිදී සජිත් ප්‍රේමදාසට සහාය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *