පොළොවෙන් මතු වූ බෝම්බ

යාපනයේ ඌර්කාවතුරේ සුරුවිල් ප්‍රදේශයේ ඉඩමකින් හමු වූ බිම් බෝම්බ තුනක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (19) පුපුරවා හැර තිබෙනවා.

මෙම බෝම්බ තුන මතු වී ඇත්තේ, සුරුවිල් ගම්මානයේ පදිංචි පුද්ගලයෙක් වළක් කපමින් සිටියදී.

වහාම ඔහු ඒ පිළිබදව ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් ඌර්කාවතුරේ පොලීසිය දැණුවත් කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ අදාල ස්ථානය සුරක්ෂිත කොට එම ප්‍රදේශයට ආරක්ෂාව සපයා තිබෙනවා.

පසුව ඌර්කාවතුරේ අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මතයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධරීන් පිරිසක් පැමිණ එම බිම් බෝම්බ තුන ගොඩගෙන පුපුරවා විනාශ කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *