“පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25,000 ක් කරනවා”

පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25000 ක් දක්වා ⁣ගෙන ඒමෙි රෙගුලාසි සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (04) ගාල්ල පැවැති ජනහමුවක් අමතමින්.

අප රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වය ලබා දෙන පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන අයට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ශක්තිමත් වැඩපිළිවෙළක් ඇති බව ඔහු කියා සිටියා.

එමෙන්ම ආර්ථික වර්ධනයට පෞද්ගලික අංශයේ දායකත්වය වැදගත් බවත් පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගේ ධනය මෙන්ම මේ සේවකයන්ද දුෂ්කරතා මැද විශාල වැඩ කොටසක් කරන බව ඔහු අවධාරණය කර සිටියා.

ඔවුන් වැඩබිමේ කරන උදාර කර්තව්‍යය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ඇති බවත් මේ යටතේ පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25000 ක් දක්වා ⁣ගෙන ඒමෙි රෙගුලාසි සකස් කරන බවත් එසේම සේවක අයිතිවාසිකම් සුරකින සේවක ප්‍රඥප්තියක් සකස් කරන බව විපක්ෂනායකවරයා කියා සිටියා.

අද වන විට මේ රට ගොඩනැගීමට හොදම ප්‍රතිපත්තිය හොදම දර්ශනය සහ වැඩපිළිවෙළ ඇත්තේ සමගි ජන බලවේගයට සමගි ජන ජන සන්ධානයට බවත් දක්ෂතම හැකියාව සහිත පළපුරුද්ද කළ පුුරුද්ද දැකපුරුද්ද අතදැකීම උගත්කම බුද්ධිය ඇති දක්ෂයෝ සිටින බවත් සමගි ජන බලවේග දර්ශනය තුළ මෙරට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *