පෞද්ගලික බසයකට ආයුධ සන්නද්ධව ගොඩ වී කොන්දොස්තරට පහරදීලා

ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට ආයුධ සන්නද්ධව ගොඩ වූ පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ කොන්දොස්තරවරයෙක් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පුත්තලමේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තුළ ඊයේ (22) පස්වරුවේ මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මාරවිල – ගොඩවෙල හන්දිය ප්‍රදේශයේ දී ආයුධ සන්නද්ධව බස් රථයට ගොඩ වූ පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර, පහරකෑමෙන් තුවාල ලැබූ කොන්දොස්තරවරයා නසුර්දීන් මොහොමඩ් නසුර්දීන් නැමැති අයෙක්.

24 හැවිරිදි වියේ පසුවන ඔහු අනුරාධපුරය, පරසන්ගස්කඩවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *