බංග්ලාදේශයේ විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුව අත්පත් කර ගනී

බංග්ලාදේශයේ විරෝධතා අතරතුර විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුව අත්පත් කරගෙන තිබෙනවා.

අගමැතිවරියගේ පක්ෂ කාර්යාලය ද ගිනි තබා ඇති බවයි සඳහන් වන්නේ.

එරට අගමැතිනි ශෙයික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

ධූරයෙන් ඉවත් වූ හසීනා ඉන්දියාවට පලා ගිය ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම, බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවන බව බංග්ලාදේශ හමුදා ප්‍රධානියා වන වේකර් උස් සමාන් නිවේදනයක් කළා.

ලක්ෂ සංඛ්‍යාත අරගලකරුවන් ඇඳිරිනීතිය නොතකා අගනුවර වීදිවල ගමන් කරමින් පසුව අගමැති මන්දිරයට කඩා වැදුණා.

ඩකාහි සන්නද්ධ රථ සහිත සොල්දාදුවන් සහ පොලිසිය හසීනාගේ කාර්යාලයට යන මාර්ග කටු කම්බිවලින් අවහිර කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *