බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගෙන් අණාවරණයක්

තමාව ධූරයෙන් නෙරපා හැරීම සදහා විදේශ බලවේග ක්‍රියාත්මක වූ බව බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා පවසනවා.

ඇය සිය පක්ෂ නායකයින් වෙත යැවු ලිපියක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සදහන් කළේ බංග්ලාදේශයට අයත් සාන්ත මාටින් දිවයින ඇමරිකාව වෙත ලබාදී, එහි පාලනය ඇමරිකාව වෙත ලබාදුන්නේ නම් තමන්ට තවමත් බලයේ සිටීමට හැකියාව තිබු බවයි.

සිසු විරෝධතා හරහා ඔවුන්ට බලය ලබාගැනීමට අවශ්‍ය වූ බවත්, තමන්ට මරණය මතින් බලයට පැමිණිමට අවශ්‍ය නොවු හෙයින් තමා අග්‍රමාත්‍යධූරයෙන් ඉවත් බවත් හිටපු අගමැතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *