බංග්ලාදේශ අගමැතුතිනී ශෙයික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර ශෙයික් හසීනා ඉන්දියාවේ ත්‍රිපුර වෙත පලා ඇවිත් ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙලෙස අගමැතිනිය ඉල්ලා අස්වී සිය නිල නිවසින් පිට වීමට පියවර ගත්තේ විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදීමට මොහොතකට පෙරයි.

මේ වනවිට විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා වැදී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලක්ෂ සංඛ්‍යාත අරගලකරුවන් ඇඳිරිනීතිය නොතකා අගනුවර වීදිවල ගමන් කරමින් පසුව අගමැති මන්දිරයට කඩාවැදුනා.

ඩකාහි සන්නද්ධ රථ සහිත සොල්දාදුවන් සහ පොලිසිය හසීනාගේ කාර්යාලයට යන මාර්ග කටු කම්බිවලින් අවහිර කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර බංග්ලාදේශයේ හමුදා ප්‍රධානියා තව සුළු වේලාවකින් ජාතිය ඇමතීමට සූදානමින් සිටින බවත්, ඊට පෙර දේශපාලන නායකයන් හමුවීමට නියමිත බවද සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *