බංග්ලාදේශ – නේපාල තරගයේ කාසියේ වාසිය නේපාලයට

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වෙන 37 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නේපාල කණ්ඩායම සමත් වුණා.

එම තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් නේපාලය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 05.00ට ආරම්භ වන එම තරගය Arnos Vale Ground, Kingstown, St Vincent හිදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම T20 ලෝක කුසලානයේ 38 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය සහභාගීවන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00 ට Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *