බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට

අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සත්කාරකත්වය දරන 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැත්වෙන 15 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 06.00ට ආරම්භ වන අතර, එම තරගය ඩලස් හි, Grand Prairie Stadium හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය මෙය වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර පසුගිය 03 වැනිදා දකුණු අප්‍රිකාව සමග තරග වැදුණු අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77කට සියලු දෙනා දැවී යාමෙන් අමිහිරි පරාජයකට මුහුණ දෙනු ලැබුවා.

එමෙන්ම, T20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම තරගවදින පළමු තරගයද මෙයයි.

T20 ලෝක කුසලාන තරගාවලියේ 16 වැනි තරගය ලෙසින් නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00ට තරග වදින අතර, 17 වැනි තරගය ලෙස ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 10.30ට තරග වැදීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *