බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 129ක ඉලක්කයක්

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන 46 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ අමෙරිකා එක්සත් ජනපද – කොදෙව් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වූ අතර කොදෙව්වන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අමෙරිකා එක්සත් ජනපදය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 128ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී Andries Gous ලකුණු 29ක්ද, Nitish Kumar ලකුණු 20ක්ද, Milind Kumar ලකුණු 19ක්ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Andre Russell හා Roston Chase කඩුළු 3 බැගින් දවා ගත් අතර Alzarri Joseph කඩුළු 2ක්ද, Gudakesh Motie එක් කඩුල්ලක් ද දවා ගත්තා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 129ක ඉලක්කයක් හඹා යාමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *