බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුළු 9ක ජයක්

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන 46 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයෙන් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් කඩුළු 9ක ජයක් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අමෙරිකා එක්සත් ජනපදය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 128ක් රැස් කළ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 130ක් රැස් කරමින් කඩුළු 9ක ජයක් වාර්තා කළා.

එහිදී Shai Hope නොදැවී ලකුණු 82ක් රැස් කිරීමට සමත් වූ Nicholas Pooran නොදැවී ලකුණු 27ක් රැස් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *