‘බට්ටී’

19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය තුළ අති විශිෂ්ට ලෙස දක්ෂතා දක්වූ ක්‍රීඩිකාවක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස කතාබහට ලක් වෙනවා.

ඇය නමින් චමුදි ප්‍රබෝධා වන වන අතර ඇය කණ්ඩායමේ සාමාජිකයින් අතර ජනප්‍රියව ඇත්තේ ” බට්ටී” යන අන්වර්ථ නාමයෙන්.

චමුදිගේ විශේෂත්වය වන්නේ ඇය වයස අවුරුදු 14 දී ජාතික යොවුන් කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමයි.

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග 4කට ක්‍රීඩා කළ වමතින් පිට දඟ පන්දු යවන ඇය, කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.

ඇය මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන ප්‍රදේශය නියෝජනය කරමින් 19න් පහළ කාන්තා කණ්ඩායමට තේරී පත් වී සිටීමද විශේෂත්වයක්.

මොනරාගල වැනි දුෂ්කර ප්‍රදේශයකින් ජාතික තලයේ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් සඳහාවත් ක්‍රීඩකයෙක් මෙතෙක් බිහි වී නැති අතර මෙම වමත් දඟ පන්දු යවන දක්ෂ ක්‍රීඩිකාව රටටම ආඩම්බරයක්.

ඇයගේ මව සඳහන් කරන්නේ චමුදිගේ පියා කුලී රැකියාවක වන පුද්ගලයෙක් වන අතර දැඩි ආර්ථික අපහසුතා හමුවේ ජීවත් වන බවයි.

එමෙන්ම ඇයට අවශ්‍ය කරන ක්‍රීඩා උපකරණ ලබා ගැනීමට ඉඩමක් පවා උකස් කිරීමට සිදු වූ බවයි චමුදිගේ මව පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *