2024.11.13 වන අද දින රාත්‍රී කාලයේදී ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත ගල්කිස්ස පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. තුවාලකරු ප්‍රථිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 30 ක් වූ 03 වන අදියර, බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිතා කර ඇති බවට සැක කරන අතර, සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය.