බත්තරමුල්ල සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදීපොලිස් මාධ්‍ය හමුවපොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව

මහමැතිවරණයේ නාමයෝජනා භාරදීම හෙට දින අවසන් වෙනවා.හෙට දින විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සංවිධානය කර තිබෙනවා.දිස්ත්‍රික්ක 22 කම ආවරණය වන පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.නාම යෝජනා භාර ගන්නා ස්ථානය සහ ඒ අවටත් මාර්ග වලත් පොලීසිය යොදවනවා.නීතිය හා සාමය ආරක්ෂා කිරීම වැදගත්.

කිසිම හේතුවක් නිසා වාහන පෙලපාලියන්න බෑ, පාගමනින් පෙලපාලි යන්න බෑ, නීතිය සාමය ආරක්ෂා කරගන්න ඕන.නිසි අවසරයක් නැතුව තේරීම් භාර කාර්යාල වලට ඇතුලු වෙන්න බෑ.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද යොදනවා.

රතිඤ්ඤා දැල්වීම කරනවා නම් අනතුරු දායක නොවන ස්ථානයක කල යුතුයි.මාර්ගයේ දල්වන්න බෑ.

ඉදිරි කාලසීමාව තුල මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ වෙනවා.රැස්වීම් පැවැත්වේවි.ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනවා.අවශ්‍ය බලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුන්ට භාර දී තිබෙනවා.

මැතිවරණ පනත තිබෙනවා ඒ අනුව කටයුතු කල යුතුයි.ප්‍රචාරක කටයුතු කල හැක්කේ ඊට අනුව පමණයි.

පොලිතීන් වලින් සැරසිලි කරන්න බෑ, පොලිතීන් තහනම්.

හෙට ඇතැම් ස්ථාන වල මාර්ගය වැසෙනවා.හෙට නාරාහේන්පිට බේස්ලයින් මාර්ගයේ එක තීරුවක් වසා දමනවා.ඒ අනුව එක් දෙසකටයි ගමන් කල හැක්කේ.

අනෙක් ප්‍රධාන නගරවලත් මේ ආකාරයෙන් සිදු කෙරෙනවා.

සාමකාමී නිදහස් මැතිවරණයක් පවත්වන්න් හැකි වේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.

පාසල් කටයුතු වලට බාධා නොවිය යුතුයි.

මේ දක්වා මැතිවරණ පැමිණිලි ලැබී නැහැ.

පෝස්ටර් ඉවත් කිරීම අපි ආරම්භ කර තිබෙනවා.අපි අපේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ මේවා අලවන්න එපා කියලයි.පොලීසිය විසින් ඉවත් කරනවා.

නෙලුම් කුලුනෙන් පැන සියදිවි නසා ගත් දැරිය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ ගැන අදහස් පල කලා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *