බදුල්ලේ මාරක අනතුරින්තුවාල ලැබූවන්ගේ තත්ත්වයයහපත් අතට

බදුල්ල – මහියංගණ මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී ඊයේ (01) පෙරවරුවේ සිදු වූ බස්රථ අනතුරින් පෙරළී යාමෙන් සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූවන්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බව එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ සඳහන් කරනවා.

දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි අයගේ ජීවිත අවදානම්බව පහව යමින් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේ ඔවුන් අතුරින් කිහිප දෙනෙක්ම අද දිනයේදී සාමාන්‍ය වාට්ටුවලට මාරුකර යැවිය හැකි අතර දැනට පවතින තත්ත්වය අනුව කිසිදු රෝගියෙකු ගුවන් මගින් කොළඹට රැගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *