බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට මාරුකරයි.

සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම් 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ මෙරට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරදඩුවම් ලබමින් සිටින පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පකිස්තානය වෙත මාරු කර යැවීමට 2024.10.06 දින කටයුතු කරන ලදී.

කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණෙන පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 64 ක් භාරයේ පාකිස්තාන ගුවන් සේවයට අයත් අංක A320 දරණ ගුවන් යානය මගින් බන්ධනාගාර ගතව සිටින පාකිස්තාන ජාතික පිරිමි රැඳවියන් 51ක්, කාන්තා රැඳවියන් 05ක් වශයෙන් සියල්ල රැඳවියන් 56ක් රැගෙන ගිය බවත්, මෙම ගිවිසුම යටතේ රැඳවියන්ගේ සිර දඬුවම තම මව් රටේ බන්ධනාගාර තුළදී ක්‍රියාත්මක වේ.

මෙම රැඳවියන් වැලිකඩ බන්ධනාගාරයේ සිට කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ආරක්ෂණය කිරීම සඳහා බන්ධනාගාර නිළධාරීන් හා හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිළධාරීන් 47ක යුතු කණ්ඩායමක් මගින් ආරක්ෂණය කර ඇති අතර, අධිකරණ අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා පාකිස්තාන තානාපති කාර්යාලයේ මැදිහත්වීම යටතේ මෙම සිරකරුවන් හුවමාරු කිරීමේ ක්‍රියාවලිය සිදු කර ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වැඩිම රැඳවියන් පිරිසක් මේ ආකාරයෙන් මාරුකිරීම සිදු කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.

)

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *