බන්ධනාගාර නීතිරීතිවලට අනුව සැකකරුවන් හෝ සිරකරුවන්හට පුවත්පත් වාර්තා ලිපි යැවීමට ඉඩ නොමැත.

2024.10.28 වන දින ඇතැම් වෙබ් පිටුවෙහි “මම
ජොන්ස්ටන් ප්‍රනාන්දු මැගසින් බන්ධනාගාරයේ සිට පළමු ලියුම එළියට එයි! ලෙස පල කර ඇති ලිපිය හා සම්බන්ධවයි.

මෙම ලිපිය මගින් දන්වා ඇත්තේ බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයෙකු වු ජොන්ස්ටන් ප්‍රනාන්දු නැමැති සැකකරු විසින් ලිපියක්
නිකුත්කර ඇති බවයි.

බන්ධනාගාරයක් තුල සිටින සැකකරුවෙකු හෝ සිරකරුවෙකුගේ යම් කිසි ලිපියක් පිටතට යන්නේ නම් එය අදාල බන්ධනාගාර අධිකාරීවරයාගේ පූර්ණ අධීක්ෂණ්‍ය යටතේ
බන්ධනාගාර නීති රීතිවලට යටත්ව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමාගේ
අනුමැතිය අනුව සිදු කල යුතුය.

එසේම මෙම ලිපිය පලවීම පිලිබඳ තමන් කිසිවක් නොදන්නා බව ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව දන්වා ඇත.

වෙබ් පිටුවෙහි පල කර ඇති ලිපිය සම්පූර්ණ අසත්‍ය පුවතක් බව
දන්වා සිටිමි.

ගාමිණී බී. දිසානායක

බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *