බස්නාහිරට ඩෙංගු අවදානම වැඩිවෙයි

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක් ඇතිවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් වාර්තා වී ඇත්තේ රෝගීන් සංඛ්‍යාව 14,248 ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එමෙන්ම ඩෙංගු රෝගය වැළඳීමෙන් වසරේ මේ දක්වා කාලය තුළ ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 16 ක්.

මේ අනුව පවතින තත්වය සැළකිල්ලට ගනිමින් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර පිරිසිදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ඩෙංගු රෝගය පාලනය සඳහා වෛද්‍යවරු නිර්දේශ කළ ඖෂධ පමණක් ලබාගන්නා ලෙසද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු වැඩිදුරටත් සඳහන් කළා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *