බස්රථ දෙකක් ගැටී බිහිසුණු අනතුරක්

තලංගම කොස්වත්ත අටේ කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මාර්ග අංක 190 මීගොඩ පිටකොටුව සහ මාර්ග අංක 177 කඩුවෙල කොල්ලුපිටිය දක්වා ධාවනය වන බස් රථ එකිනෙක ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මාර්ග අංක 190 මීගොඩ පිටකොටුව බස් රථය නතරකර තිබී ඇති අතර පිටුපසින් පැමිණි මාර්ග අංක 177 දරන බස් රථය එහි ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් 10ක් තුවාල ලබා රෝහල්ගතකර ඇති අතර ඉන් 08 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

දෙදෙනෙක් තවමත් මුල්ලේරියාව සහ තලංගම රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

තලංගම පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *