බස් රථයක් දුම්රියේ ගැටීමෙන් හය දෙනෙක් මරුට

ස්ලොවේකියාවේ බස් රථයක් සහ දුම්රියක් ගැටී සිදුවුණු අනතුරකින් බස් රථයේ ගමන් ගත් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

‘යූරෝසිටී 279’ නමැති මෙම දුම්රිය බ්‍රැටිස්ලාවා අගනුවර පසු කරමින් දේශසීමා හරහා හංගේරියාවේ බුඩපාස්ට් අගනුවර තෙක් ධාවනය වෙමින් තිබුණු අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවද සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බස් රථයේ ගැටුණු දුම්රිය ඇන්ජිම ගිනි ගැනීමට ලක්ව ඇති අතර දුම්රිය රියදුරු ගින්නට හසුවී පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.

දුම්රිය අනතුරු සංඥා පද්ධතිය බිඳ වැටී තිබීම හේතුවන් සහ දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වැසී නොතිබීම හේතුවෙන් අදාළ බස් රථ අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *