බස් රථයක් සහ ලොරි රථයක් ගැටී බිහිසුණු අනතුරක්

බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් බස් රථයේ රියදුරා ඇතුළු බස් රථයේ ගමන් ගත් මගින් පස්දෙනෙකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුර අද (02) උදැසන 8.00ට පමණ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල මටුකැලේ වත්ත ප්‍රදේශයේදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වු බස් රථය ප්‍රදේශයේ පවතින අධික වර්ෂාවත් සමග ලිස්සාගොස් සත්ත්ව ආහාර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය කියා සඳහන් කළේ.

ලිදුල පොලිසිය පැවසුවේ අනතුරෙන් බස් රථයට දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇති අතර රෝහල් ගත කළ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

පවතින වර්ෂාවත් සමග මාර්ගය ලිස්සන සුළු බැවින් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රිය ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *