බස් රථ අනතුරක් : 45 දෙනෙකු ජීවිතක්ෂයට

පාස්කු බැතුමතුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් දකුණු අප්‍රිකාවේ Limpopo පළාතේ දී කඳු බෑවුමකින් පහළට පෙරලීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙසේ දිවි ගලවාගෙන ඇත්තේ අට හැවිරිදි දැරියක් වන අතර ඇය ගුවන් මගින් රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පිරිස Gaborone සිට පාස්කු දේව මෙහෙයකට සහභාගී වීම සඳහා පල්ලියක් වෙත යමින් සිටි බැතිමතුන් පිරිසක් බවද සඳහන්.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බස් රථය ඇද වැටීමෙන් පසු ගිනිගෙන ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *