බස් රථ දෙකක් ගැටී අනුරාධපුරයේ අනතුරක්

බස් රථ දෙකක් ගැටී අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

පාසල් සිසුන් රැගෙන යමින් සිටි සිසු සැරිය බස් රථයක් හා ඇගලුම් සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුරින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි අනුරාධපුර පොලිසියෙන් අප කළ විමසීමකදී සඳහන්කර සිටියේ.

පාසල් සිසුන් 04ක් සහ ඇඟලුම් සේවිකාවන් 06දෙනෙක් මෙම අනතුරින් තුවාල ලබා අනුරාධපුර මූලික රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *