බ්‍රසීලයේ කඩා වැටුණු යානයේ මළ සිරුරු 62ක් සොයා ගනී

බ්‍රසීලයේ වින්හෙඩෝ ප්‍රදේශයට ඉකුත් සිකුරාදා කඩා වැටුණු ගුවන් යානයේ ගමන් ගත් (62) කගේ මළ සිරුරු සොයා ගත් බව එරට බලධාරීන් පවසනවා.

වෝපාස් ලින්හාස් ගුවන් සේවයට අයත් යානයේ සිට මියගිය පිරිස මුදා ගැනීමේ කණ්ඩායම් විසින් සොයා ගත් බවයි පවසන්නේ.

ගුවන් අනතුරෙන් මියගිය 62 දෙදෙනාගෙන් 34ක් පිරිමි පුද්ගලයන් වන බවත් 28ක් කාන්තාවන් බවයි බ්‍රසීල බලධාරීහු වාර්තා කරන්නේ.

අනතුරට ලක්වූ ගුවන් යානය අඩි 17,000 ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී ක්ෂණිකව කඩා වැටී තිබෙනවා.

එම යානයේ ගුවන් නියමුවන්ගේ සිරුරු හඳුනාගෙන ඇති බවත් පවසනවා.

එම මළ සිරුරු සාඕ පවුලෝ පොලිස් මෘත ශරීරාගාරයේ දැනට තැන්පත් කර තිබෙන බවයි බ්‍රසීල බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

අනතුර සිදුවූ අවස්ථාවේ මගීන් 57 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනකු සිටි බවයි ප්‍රථමයෙන් එම වෝපාස් ගුවන් සේවය ප්‍රකාශ කළේ.

නමුත් පසුව එහි ගණනය නොකළ තවත් මගියෙකු සිටි බව පැවසුවා.

ඒ අනුව එම ගුවන් යානයේ මගීන් 58 දෙනකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ගුවන් යානය පරානා ප්‍රාන්තයේ කැස්කාවෙල් නගරයේ සිට සාඕ පාවුලෝ ප්‍රාන්තයේ ගුවාරුල්හෝස් දක්වා පියාසර කරමින් තිබූ බවයි එම ගුවන් සේවය පවසන්නේ.

කෙසේ වෙතත් මෙම අනතුරට හේතුව තවමත් අබිරහසක් බවයි වෝපාස් ගුවන් සේවය ප්‍රකාශ කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *