බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමට එරෙහි විමර්ශන ඇරඹේ

ශ්‍රී ලංකා රජය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ ප්‍රශ්නකාරී හැසිරීම සහ විදේශීය දූත මණ්ඩලවල දේශපාලන පත්වීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.

ඔහු පැවසුවේ බෝගොල්ලාගම සම්බන්ධයෙන් විවිධ චෝදනා පැනනගිමින් ඇති අතර කෙටි කාලසීමාවකින් ප්‍රමාණවත් පියවර ගැනීමට රජය කටයුතු කරන බවයි.

රජය කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා නොකරන බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශකර සිටියේ.

එහිදී අමාත්‍යවරයා සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්.

මෙතුමා සම්බන්ධයෙනුත් ආපු තොරතුරු අපි සොයලා බැලුවා. ඒ මහකොමසාරිස්වරයාගේ ගෙදර කටයුතු සඳහා සේවකයින් දෙදෙනෙක් ගෙනිහින් තිබුණා. ඒක සාමාන්‍යයෙන් මෙතෙක් කල් පැවති ක්‍රමවේදය. ඒක අයිතියක්. ඒ අයට පඩි නඩි ගෙවන්නේ ආණ්ඩුවෙන් ඒක පවතින ක්‍රමය. එක සේවකයෙක් මීට කලින් පැනලා ගිහින් තිබුණා, දෙවැනි සේවකයා සම්බන්ධව තමයි මේ ප්‍රශ්නය මතු වුනේ. ඔහුගේ පාස්පෝට් එක තියාගත්තා කියලා තමයි පැමිණිල්ල ඇවිත් තිබුණේ. ඒ සම්බන්ධව පොලිසිය මහ කොමසාරිස්වරයාගේ නිවසට ගිහින් නිබුණා. ඒ අනුව ඒ සේවකයට නැවත පාස්පෝට් එක ලබා දීලා ඒ සේවකයා දැන් ලංකාවට ඇවිත් ඉන්නවා. එතකොට ලංකාවට ගෙන්වා ගැනීමේ දී විදේශ අමාත්‍යාංශයෙන් ඒ වියදම් දරනවා. ඒක තමයි ක්‍රමය. ඒ විදේශ දූත මණ්ඩල සඳහා ලබා දීලා තියෙන පහසුකමක්. ඒ පහසුකම අනුව ඒ සේවයකින්ගෙ වැටුප් ගෙවීම, යාම් ඊම් වියදම් දැරීම අමාත්‍යාංශය ආණ්ඩුව මගින් දරනවා. කොහොමත් මෙතුමා සම්බන්ධව සහ මෙතුමාගේ වියදම් සම්බන්ධව විවිධ චෝදනා පැන නගිමින් තියනවා. ඒ ගැන සොයා බලමින් සිටිනවා. රටක නියෝජනයක් තමයි මහ කොමසාරිස්වරයෙක් , තානාපතිවරයෙක් කියන්නේ. එක පාරට හදිසි කැඳවීම් කළාම රටක් විදිහට අනෙක් රටවල් එක්ක ගනුදෙනු කරද්දී ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. ඒ නිසා ක්ෂණිකව ගෙන්වා ගන්න එක නෙමෙයි, කෙටි කාලසීමාවක් තුළ ඒ සම්බන්ධව කටයුත්ත කරනවා. කිසිසේත්ම ඔවුන් ආරක්ෂා කරන්නේ නෑ, ඔහුට වාහනයක්, කාර් රථයක් අරන් තිබුණා. මාධ්‍ය වල පල කරලා තිබුණා සුඛෝපභෝගී රථයක් කියලා. ලංකාවේ ආණ්ඩුවෙන් හෝ විදේශ අමාත්‍යාංශයෙ සල්ලිවලින් නෙමෙයි ඒ වාහනය අරන් තිබුණෙ. එතුමාගේ පුද්ගලික මුදල් වලින් එය අපේ වැය බරක් නෙවෙයි. ”

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *