බ්‍රිතාන්‍ය සංචාරකයන්ට ලංකාව ගැන දුන් අවවාද රැසක් ඉවතට

බ්‍රිතාන්‍ය පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමේ දී, බ්‍රිතාන්‍ය රජය විසින් පනවා තිබූ සංචාරක උපදේශනය, 2024 අප්‍රේල් 5 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි යාවත්කාලීන කර තිබෙනවා.

එක්සත් රාජධානිය විසින් අදාළ තීරණය ගෙන ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සැලකිල්ලට ගෙනයි.

මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයට අදාළ වන අයුරින් එක්සත් රාජධානිය විසින් පනවා තිබූ සංචාරක උපදේශනයට, හදිසි වෛද්‍ය සේවා, ඇතුල්වීමේ ආරක්ෂාව, මාර්ග ආරක්ෂාව, සමස්ත ආරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රවේශය වැනි විවිධ ක්ෂේත්‍ර යටත්ව තිබුණා.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය රජය සිය සංචාරක උපදේශනයෙන් ශ්‍රී ලංකාවට අදාළව ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය මෙන්ම සෞඛ්‍ය සේවාවන්හි සීමාවන් පිළිබඳ මතු කර තිබූ කනස්සල්ල ඉන් ඉවත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *