බාල ඖෂධ ගෙන්වීමට හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් හිටපු කැබිනට් මණ්ඩලයේ තවත් ඇමතිවරු කීපදෙනෙක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා අද උදෑසන දහය වන විට ඔවුන් එම ස්ථානයට පැමිණියා පසුව දවල් දොළහට පමණ ඔවුන් එම ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූවා