බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ දෙපාර්ශවයටම එකඟතාවයකට පැමිණිය හැකි පොදු පදනමක් ඇති කරගැනීමට ඉදිරි සති කිහිපය
තුළ කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු සමඟ පසුගිය සති තුනක පමණ කාලයක් පැවැති සාකච්ඡා අවසන් වී ඇත්තේ එකඟතාවයකින් තොරවයි.

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය ප්‍රමාණයෙන් 28%ක් කපා හැරීම ඇතුළු යෝජනා මාලවක් සම්බන්ධයෙන් මෙරට බලධාරීන් ජාත්‍යන්තර බැඳුම්කරහිමියන් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා.

එය ප්‍රතික්ෂේප කල බැඳුම්කරහිමියන් යෝජනා කර තිබෙන්නේ අතිරේක පොලියක් සහිතව අදාල බැඳුම්කර යළි නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.

ඊට අනුව දැනට ශ්‍රී ලංකාව ගෙවිය යුතු අමරිකානු ඩොලර් බිලියන 12.5ක් වන ණය ප්‍රමාණය සදහා අතිරේක ඩොලර් බිලියන 1.6ක් ගෙවීමට සිදුවනවා කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ට ඉදිරිපත් කර ඇති යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුකූල වන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමට පෙර අදාළ බැඳුම්කරහිමියන් සමග එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බවයි මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *