“බැසිල් තවමත් අපිට ණයයි”

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණය වෙනුවෙන් රට පුරා පොස්ටර් අලවපු කටයුත්තට මෙතෙක් ගෙවීම් සිදු කර නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ ඊයේ (09) තඹුත්තේගම පැවැති ජනරැළිය අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ 2005 වසරේ මහින්ද රාජපක්ෂට අවසන් පොස්ටර් ඇලවීමට මුදල් නොමැතිව තිබියදී තම පක්ෂය විසින් අදාළ කටයුත්ත සිදු කර දුන් බවය.

ඒ සඳහා බැසිල් රාජපක්ෂ විසින් අප වෙත ගෙවිය යුතු මුදල මෙතෙක් ලබා නොදුන් බව අනුර කුමාර දිසානායක මෙහිදී කියා සිටියා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් කොමිස් මුදල් ලබා ගනිමින් කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

2015 රනිල් වික්‍රමසිංහ බලයට ආවේ වංචාව, දුෂණය අවසන් කරනවායැයි පවසමින් නමුත් මහබැංකුව කැඩු බව ඔහු කියා සිටියා. මේ බලය ගන්නේම හොරකම් කරන්න යැයි ඔහු අවධාරණය කර සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *