බෑණාගේ ප්‍රහාරයෙන් නැන්දම්මා මරුට

ගලපිටමඩ පොලිස් වසමේ ලෙවන්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කර ඇති බවට ගලපිටමඩ පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 55 ක් වූ අතලවත්ත, ලෙවන්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මුදල් ආරවුලක් හේතුවෙන් මෙම සැකකරු, බිරිඳ හා බිරිඳගේ මව අතර බහින් බස් වීමක් සිදුව තිබෙනවා.

එහිදී සැකකරු විසින් බිරිඳගේ මවට ගලකින් පහරදීම හේතුවෙන් හිසට තුවාල සිදුව කරවනැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු තම බිරිඳට හා දියණියට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර ඇති බවයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය කරවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 44ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලපිටමඩ පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *