බිත්ති නැති, පන්ති කාමර නැති ඩිජිටල් අධ්‍යාපනයක් ගැන ජනපති කියයි

පන්ති කාමර නොමැතිව සහ බිත්ති නොමැතිව පාසලෙන් පිටත වැඩි වැඩියෙන් ඉගෙනීමේ අවස්ථා සඳහා යොමු වීමට ඉදිරියේදී අපට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (13) ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“පන්ති කාමර නොමැතිව සහ බිත්ති නොමැතිව පාසලෙන් පිටත වැඩි වැඩියෙන් ඉගෙනීමේ අවස්ථා සඳහා යොමු වීමට ඉදිරියේදී අපට සිදුවනවා.

අද මේ ආරම්භ වන්නේ එම වැඩපිළිවෙළයි. පන්ති කාමර තුළ පවතින අත්දැකීම් සහිත දක්ෂ ගුරුවරුන්ගේ හිඟය පිළිබඳ අභියෝගය ද ජය ගැනීමටද මෙය අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

එසේම මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත ඉදිරියට ගෙන යාමේ මෙන්ම රටේ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීමේ ගමන් මගේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇතියි.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *