අලුයම බිබිල මහියංගනය ප්‍රධාන මාර්ගයේ 01/කණුව බදුල්ලකැටිය ප්‍රදේශයේ දී 27 මාරක අනතුරක් සිදුව තිබෙනවා.
අධික වේගයකින් ධාවනය කළ යතුරුපැදියක් වංඟුවක් සහිත ස්ථානයකදී පාලනයෙන් ගිලිහීගොස් මාර්ගයේ ඉවතට පැන පස් කණ්ඩියක හා කොන්ක්‍රීට් කොටසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර හේතුවෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා බිබිල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත් වූයේ කන්දකැටිය, බදුලුඔය, කදපොත්තාව ප්‍රදේශයේ පදිංචි රත්නායක මුදියාන්සේලාගේ වරුණ දේශප්‍රිය රත්නායක නමැති 18 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
අනතුරට පත් තරුණයින් දෙදෙනා දඹගල්ල ප්‍රදේශයේ කොහු මෝලක සේවය කරමින් සිට එදින වැටුප් ලබා කන්දකැටිය ප්‍රදේශයට යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබෙනවා.