බිරිඳවයි දරුවන්වයි ගේ ඇතුළට දාලා තාත්තා ගිනි තියලා

ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි නුවර නිවසක් තුළ ඇතිවූ ගින්නකින් මාස 5ක බිළිඳයක් ඇතුළු දරුවන් තිදෙනෙකු මියයාමේ සිදුවීමට අදාළව 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසේ හිමිකරු සහ ඇයගේ බිරිඳ ඇතුළු දරුවන් හත්දෙනා නිවසේ සිටි අවස්ථාවකදී මෙම පුද්ගලයා නිවසට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

මිනිමැරුම් චෝදනා මත අත්අඩංගුවට ගත් මෙම තැනැත්තාට එරෙහිව මිනිමැරුම් චෝදනා 03ක්, මිනිමැරීමට තැත්කිරිම් 05ක් සහ දේපළ හානි කිරීම් ඇතුළු චෝදනා ගොනු කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *