බිරිඳ යතුරුපැදියේ ගැටගසා ඇදගෙන ගිය සැමියා අත්අඩංගුවට

රාජස්ථාන් ප්‍රාන්තයේ නාගෞර් දිස්ත්‍රික්කයේ කාන්තාවක් යතුරුපැදියක ගැට ගසා ගල් පර්වතයක් මතින් ඇගේ සැමියා විසින් ඇදගෙන යන අයුරු දැකගත හැකි කලබලකාරී වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල සංසරණය වෙනවා.

තත්පර 40 ක වීඩියෝ පටයේ, තවත් කාන්තාවක් සහ සිද්ධිය පටිගත කරන පුද්ගලයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු සිටින බවයි වාර්තා වෙන්නේ,

ඇයට ශාරීරිකව පහර දීමෙන් පසු, මෙම පුද්ගලයා යතුරුපැදියෙන් බිමට බැස තුවාල වූ කාන්තාව සමීපයට පැමිණෙන ආකාරය සහ, දැඩි වේදනාවෙන් හා කම්පනයෙන් ඇය හඬමින් සිටින ආකාරයත් එම වීඩියෝවේ දර්ශනය වෙනවා.

එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වීමත් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු 32 හැවිරිදි ප්‍රේමරම් මෙග්වාල් ලෙස හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වීඩියෝ පටයේ, කාන්තාවක් යතුරුපැදියක කකුල් බැඳ, ඇදගෙන යන ආකාරය, ඇය උදව් ඉල්ලා කෑගසන ආකාරයද එම වීඩියෝවේ ඇතුළත්.

සිද්ධිය ගැන කතා කරමින් නාගෞර්ගේ පොලිස් අධිකාරී නාරායන් සිං ටෝගස් පැවසුවේ මෙම සිදුවීමට තම සැමියාගේ කැමැත්තට පටහැනිව ජයිසල්මර් හි තම සහෝදරිය බැලීමට යාමට බල කළ කාන්තාවක් හා සම්බන්ධ බවයි.

තම සැමියා නැවත නැවතත් එම ගමන ප්‍රතික්ෂේප කළද, ඇය එය ගණන් නොගෙන තම සහෝදරිය බැලීමට යෑමට සූදානම්ව තිබෙනවා.

මෙයින් කෝපයට පත් ඇයගේ ස්වාමිපුරුෂයා ඇයව යතුරුපැදියේ පිටුපසට බැඳ ඇයව ඇදගෙන යන ආකාරය එම වීඩියෝවේ සටහන්ව තිබුණා.

මෙම කාරණය කරළියට පැමිණීමෙන් පසු, Panchaudi පොලිස් ස්ථානයේ සහකාර උප පොලිස් පරීක්ෂක සුරේන්ද්‍ර කුමාර් ප්‍රකාශ කළේ, කියන සිද්ධිය මීට මාසයකට පමණ පෙර Naharsinghpura ගම්මානයේ වාර්තා වූ බවයි.

මේ පිළිබඳව අදාළ කාන්තාව පොලිසියට පැමිණිල්ලක් සිදුකර නැහැ.

ඒ සම්බන්ධ වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ සංසරණය වූයේ මීට දින කිහිපයකට පෙරයි.
,
මෙම කාන්තාව ඥාතීන් සමඟ පදිංචිව සිටින අතර, සිද්ධිය බලධාරීන්ට වාර්තා නොකළ නමුත් මහජන කැළඹීමක් ඇති කිරීම සම්බන්ධයෙන් විත්තිකරු සඳුදා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *