බීමත් රියදුරන් අල්ලන මෙහෙයුම අදත්

අලුත් අවුරුදු සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද (14) දිනයේදීත් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා.

ක්‍ෂණික මාර්ග බාධක ද යොදාගෙන එම මෙහෙයුම් සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

අලුත් අවුරුදු සමයේ, බීමත්ව රිය පැදවීම නිසා සිදුවන අනතුරු වළක්වා ගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ උත්සව සමය වෙනුවෙන් පොලිසිය විශේෂ රථවාහන පරීක්ෂාවක් ද ඊයේ සිදු කර තිබුණා.

පසුගිය 6 වැනිදා සිට ඊයේ දක්වා සිදුකළ රථවාහන පරීක්ෂාවලදී බීමත්ව රිය ධාවනය කිරීම ඇතුළු රථවාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 4298 දෙනෙකුට නඩු පැවරීම් හා දඩ නියම කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ.

එමෙන්ම බීමත් රියදුරන් පරීක්ෂා කිරීම අඛන්ඩව සිදුකරන බව පොලිස් රථවාහන පාලන අංශයේ සහ ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *