බීමතින් රිය රිය පැදවූ බස් රියදුරා රිමාන්ඩ්

බීමත්ව රිය පැදවීම හේතුවෙන් ලංගම බස් රථ රියදුරකු ඊයේ නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රියදුරා එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තිබෙනවා.

මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ වයස අවුරුදු 47ක් වන දිවුලපිටිය මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා විශාල මගීන් ප්‍රමාණයක් ද රැගෙන අධික ලෙස බීමතින් බස් රථය ධාවනය කර තිබුණි.

අදාල බස් රථය ගමනාන්තය ලෙස මීගමුව දක්වා යාමට නියමිතව තිබූ අතර නුවරඑළියේදී පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී රියදුරා බීමත්ව සිට ඇති බව තහවුරු වී ඇත.

What's your reaction?

Related Posts

1 of 495

Leave A Reply

Your email address will not be published. Required fields are marked *